Thursday, December 25, 2014

Custom ROM එකක් කියන්නෙ මොකක්ද?

What is a Custom ROM?
Custom ROM එකක් කියන්නෙ මොකක්ද?

ඒ කියන්නෙ Modify කරපු Android version එකක්. මේවා නිර්මාණය කරන්නෙ ඔබේ phone එකට එන official update/version එකක් විදිහට නෙවෙයි. එනම්, නිශ්පාදකයින් විසින් නිර්දේශ කරපු version/update එකක් නෙවෙයි. (ROM = Read Only Memory.)

What is Stock ROM?
මොකක්ද Stock ROM කියන්නෙ?

Phone එක මිලදී ගන්නා විට එහි ඇති Android OS එකයි.

Open Source Operating System එකක් වන Android වලින් අපට Stock ROM එක Modify කරන්න, ඉන් අනවශ්‍ය දෑ ඉවත් කරන්න, විවිධ දෑ එකතු කරන්න පුළුවන්. ඒ වගේම Stock ROM එක වෙනුවට වෙනත් Custom ROM එකක් install/flash කරන්නත් පුළුවන්.

ඔබ Custom ROM එකක් install කරන්නේ නම් Stock ROM එක (Android software/System files), delete/erase/replace කරන්න වෙනවා. මේක හරියට PC එකට Windows install කරනවා වගේ වැඩක්. ROM එක සඳහා වන ROM file එක zip file එකක් විදිහට download කරගන්න පුළුවන්.

Popular Custom ROMs.
CyanogenMod
AOKP
MIUI
Android Revolution HD

ඕනෑම Custom ROM එකක් ඕනෑම Phone Model එකකට හරි යන්නෙ නෑ. මොකද එකම වර්ගයේ (Brand) phones දෙකක වුවත් Model එක අනුව ගොඩක් වෙනස්කම් තියෙන නිසා.
උදා: Samsung Galaxy S2 : Samsung Galaxy S5.

Stock ROM එකේ ඇති පහසුකම් වලට වඩා වැඩි පහසුකම් (performance) මෙම Custom ROMs මගින් ලබාගත හැකියි. මෙහිදී ප්‍රධානව බොහෝ දෑ customize කිරීමේ හැකියාව ලැබෙන අතර, වේගවත් (faster) වීම, අඩු ඉඩක්/Memory භාවිතා කිරීම, වඩා කාර්යක්ෂම (more efficient) වීම වැනි වාසි මෙන්ම තවත් බොහෝ වාසි ද ලැබෙනවා.

Why need a custom ROM?
Custom ROM එකක් අවශ්‍ය වන්නේ ඇයි?

ඉහතින් දැක්වූ වාසි වලට අමතරව ඇති ප්‍රධානම වාසිය වන්නේ ඔබේ Android Version එක Upgrade කර ගැනීමට හැකි වීමයි. ඔබේ Phone එක සඳහා System Update ලබා දෙන බව ඔබ දන්නවා ඇති. නමුත් ඇතැම් models සඳහා නව Android Version එකකට Upgrade කළ නොහැකි බව සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නෙ official upgrade එකක් ලබා දෙන්නේ නැති බව. නමුත් Custom ROM එකක් install කිරීමෙන් ඔබට Android version එක upgrade (unofficial) කර ගැනීමට හැකි වෙනවා.

*****වැදගත්*****
  • වෙනත් models සඳහා ඇති ROMs install නොකරන්න.
  • නොගැලපෙන ROM එකක් ස්ථාපනය කිරීමේදී වන flashing process තුලදී (installing process) විවිධ errors ඇතිවීමට ඉඩ ඇත. Positive feedbacks සහිත ROM එකක් තෝරාගන්න.

2 comments:

COMMENTS ARE GREATLY APPRECIATED... :-)