Saturday, January 3, 2015

කැමරාවෙන් තවත් වැඩ ගන්න.

දිනෙන් දින නව තාක්ෂණය සමග වැඩිදියුණු වන smartphone කැමරාව සමග ඔබට කළ හැකි දේ බොහෝ උවත් ඔබේ phone එකේ කැමරාවෙන් ඔබ බොහෝ විට ලබාගන්නා ප්‍රයෝජනය වන්නේ විශේෂ අවස්ථා මතකයේ තබා ගැනීම සඳහා ඡායාරූප ගැනීම සහ video recording සඳහා යොදාගැනීමයි.

මෙම සාමාන්‍ය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් කැමරාවෙන් තවත් වැඩ ගන්නා ආකාර කිහිපයක් මෙම post එක මගින් දැක්වේ.

1. QR Codes (කේත) scan කිරීමට.



මේ ආකාරයේ codes විවිධ උපකරණ වල වගේම පොත්පත් වල, websites වල දකින්න පුළුවන්. මේවායේ විවිධ තොරතුරු මෙන්ම අදාළ websites සඳහා links බොහෝවිට ඇතුළත් වෙනවා. ඒවා භාවිතා කිරීමට, තොරතුරු ලබා ගැනීමට QR Code Scanner, QR Code reader, QR Code generator යන නම් වලින් ඇති apps රාශියක් Google Playstore හි තිබෙන නිසා ඔබට සුදුසු app එකක් මේ සඳහා යොදාගන්න පුළුවන්. QR Codes වලට අමතරව Bar Codes කියවීම වගේම ඔබට අවශ්‍ය නම් ඉතාම පහසුවෙන් ඔබේ තොරතුරු ඇතුළත් QR Code එකක් ඔබට නිර්මාණය කරගන්නත් මේ වර්ගයේ බොහෝ apps වලින් හැකියි.

2. Games සඳහා.

Smartphone එකක් මිලදී ගැනීමේදී සමහරු විශේෂයෙන් gaming සඳහා සුදුසු smartphones ගැන සැලකිලිමත් වෙනවා. ඔබේ කැමරාවත් මේ සඳහා යොදාගන්න පුළුවන් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. කැමරාව භාවිතාකර ක්‍රියා කරවනු ලබන games ද මේ වන විට දකින්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් පහළින් දැක්වෙන මේ game එක කැමරාව හා GPS තාක්ෂණය භාවිතයෙන් ක්‍රියා කළ යුතු game එකක්.



Game: Spec-trek

Game එක ගැන විස්තර කිරීම මේ post එකට අදාළ නැති නිසා එහි විස්තරයක් අඩංගු නොවුණත් ඒ ගැන දළ අදහසක් මේ රූප මගින් ඔබට ලබාගන්න පුළුවන්.

3. බොහෝ දේවල් ගැන විස්තර දැනගන්න.

Google Goggles මගින් මේ සඳහා හැකියාව ඔබට ලබා දෙනවා. යම් නිශ්පාදනයක ඇති logo එකක් (ලාංඡනය/සළකුණ), එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ ස්ථානයක්, ආදී බොහෝ දේවල් ගැන විස්තර ඔබේ smartphone එකට කෙලින්ම ලබාගැනීමට මෙයින් හැකි වෙනවා. මෙහිදී අදාළ logo එක හෝ ස්ථානය හෝ වෙනත් දෑ කැමරාව මගින් හඳුනාගන්නා අතර විස්තර ඔබට ඉක්මනින් ලබාගන්න පුළුවන්.

4. අපරාධකරුවන් හඳුනාගැනීමට.

මේකත් කැමරාව මගින් සිදුකර ගත හැකි වැදගත් වගේම ඉතා ප්‍රයෝජනවත් අංගයක්. ඉදිරිපස කැමරාව (front camera) බොහෝවිට මේ සඳහා වැදගත් වෙනවා. ඔබේ phone එක අස්ථානගත වුවහොත් / සොරකම් කරනු ලැබුවොත් එය සිදුකළ තැනැත්තාගේ ඡායාරූප (photos) ඔබේ gmail එකට upload වෙන ආකාරයට සකසා ගැනීමට ඔබට පුළුවන්. මෙයටද විවිධ apps කිහිපයක්ම Google playstore වලින් ඔබට ලබාගත හැකියි. මේවා අදාළ තැනැත්තා ඔබේ lockscreen එක මග හැරීමට උත්සාහ කරන විට ඔහුට/ඇයට නොදැනීම ඔවුන්ගේ ඡායාරූප මෙන්ම අදාළ තැනැත්තා සිටින ස්ථානය (location) ද ඔබේ gmail එකට upload වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා. GotYa! (Security & Safety) මේ සඳහා යොදාගත හැකි එක් app එකක්.

5. Photo notes save කර ගැනීමට.

ඔබට වටිනා ලිපියක් හෝ එවැනි යමක් පසුව කියවීමට එහි ඇතුලත් වචන එකින් එක type කිරීමට හෝ එක් එක් ඡේදයන් වෙන වෙනම අනවශ්‍ය තරම් photos මගින් save කර ගැනීම මගින් පසුව කියවීම ලෙහෙසි නැහැ. මේවා save කරගැනීමට (එහි අඩංගු texts පමණක්) හැකිවීමද කැමරාව භාවිතයෙන් ඔබට කරගත හැකි විශේෂ දෙයක්. මේ සඳහා Evernote වැනි apps යොදාගන්න පුළුවන්. මෙයින් අප පෙන්වන රූපයේ වචන (texts) හඳුනාගෙන ඒවා save කර ගැනීමට හැකිවෙනවා.

6. පරිවර්තනය (translate) කිරීමට.

යම් පුවත්පතක හෝ සඟරාවක අඩංගු වචන ඔබට save කරගැනීමට හැකියි වගේම ඔබ නොදන්නා වෙනත් භාෂාවලින් රචිත එවැනි වාක්‍ය / වචන කැමරාව මගින් හඳුනාගෙන ඔබ දන්නා භාෂාවකට එය එවිටම පරිවර්තනය කර කියවීමටත් ඔබට හැකි වෙනවා. Google Goggles මගින් මේ කාර්යය කර ගැනීමට පුළුවන්.

7. සටහන් PDF files බවට පත් කර ගැනීමට.

ලිපියක ඇති සටහනක් ඔබට කැමරාව ආධාරයෙන් ඉතා ඉක්මනින් PDF file එකක් ලෙස save කර ගැනීමටත් පුළුවන්. මෙය Handy Scanner නම් app එක භාවිතයෙන් ඔබට කරගැනීමට හැකියි.

8. Remote controls වල බැටරි තත්වය පරීක්ෂා කිරීමට.

ඇතැම්විට ඔබ රූපවාහිනියේ හෝ වෙනත් උපකරණයක remote control එකක ඇති, අදාළ උපකරණයට සංඥා ලබා දෙන අධෝරක්ත (infrared / IR) ආලෝකය නිකුත් කරන බල්බයෙන් නික්මෙන ඉතා දුර්වල ආලෝකය දැක තිබෙන්න පුළුවන්. ඔබේ කැමරාව තුලින් මෙය ඔබ බලා තිබේ නම් එය ඊට වඩා සිය ගුණයකින් දීප්තිමත් බව ඔබ දන්නවා ඇති. මෙය ඔබට ඔබේ remote control එක සඳහා බැටරි දර්ශකයක් ලෙසත් යොදා ගන්න පුළුවන්. කැමරාව තුලින් පරීක්ෂා කොට බලා එහි ආලෝකය අනුව බැටරි තත්ත්වය (battery status) මින් පෙර අවස්ථා සමග සසඳා බලා ඔබට නිගමනය කිරීමට හැකියි. නමුත් මෑත කාලයේ හඳුන්වා දුන් ඇතැම් phones වල කැමරා වල infrared filters තිබීම නිසා එවැනි phones කිහිපයකට මේ හැකියාව නැහැ. (උදා: iphone 5S)

4 comments:

  1. Its really impressive.. Coz this is the very first time that I got to know about the multi uses of camera.

    ReplyDelete
  2. Wooow I just realized the hidden side of theach camera..can u please let us know some àpps regarding the cam usage

    ReplyDelete
  3. Thank you for the comment and I've re-edited the post including suggested app names.

    ReplyDelete

COMMENTS ARE GREATLY APPRECIATED... :-)