ගොඩක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙන, phone battery එක charge කිරීම හා දිගු කලක් බැටරිය කල් තබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු මේ post එකෙන් ලැබෙයි කියල හිතනවා. මේ ගැන විවිධ අදහස් පවතින බව බොහෝ දෙනා කියන කතාවක්. මම මේ Post කරන්නෙ Android Phones වලට අදාලව Li-ion Batteries ගැන. මේක ගැන හොයනකොට මම දැක්කා phone charging myths කියල තිබුන post එකක්. මගෙ post එකට එය අදාළ කරගන්නා අතර කර්තෘ අයිතිය එම අදාළ අයට හිමිවිය යුතුයි. link එක පහළින් දාන්නම්.
Li-ion battery charge කිරීම ගැන විවිධ අදහස්...
1. සම්පූර්ණයෙන්ම බැටරිය බහින්න ඉඩ හැර full charge කිරීම.
මේකෙන් බැටරියේ ආයු කාලය බෙහෙවින් අඩු වීමට ඉඩ තියෙනවා. මොකද මේ වර්ගයේ බැටරියක charge cycles සීමිත ගණනක් තියෙනවා. full discharge වෙනකොට charge cycles ගාන අඩු වෙනවා. මේ නිසා නිතර full discharge වීමෙන් බැටරිය unstable වෙන්න පුලුවන්.
2. Charge වෙන අතරතුර phone එක භාවිතා නොකිරීම.
මේක iphone එකක් සම්බන්ධ සිදුවීමක් නිසා වැඩිපුර කතා කරපු ප්‍රශ්නයක්. නිර්දේශිත charger එකක් භාවිතා කරනවනම් මේක ගැටලුවක් වෙන්නෙ නෑ. නමුත් Internet/downloading සඳහා භාවිතා කිරීම නම් එතරම්ම අනුමත කරන්නෙ නෑ. මොකද phone එක ඕනිවට වඩා රත් වෙන නිසා. මේ රත් වීම කොහොමද බලපාන්නෙ කියලත් ඊළඟට කියන්නම්.
3. බැටරිය රත් වීම සහ එය ආයු කාලය සඳහා බලපෑම.
Li-ion batteries සාමාන්‍යයෙන්් තාපය ජනනය කරනවා. මෙය charge කරන විට හා විශේෂයෙන් internet භාවිතා කරනවිට වැඩිපුර සිදුවන දෙයක්. අනවශ්‍ය තරම් රත් වීම එතරම් සුදුසු නොවන අතර අවශ්‍ය පමණට වඩා සිසිල් වීමත් නිර්දේශ කරන්නේ නැහැ.
උදා: Apple iphones සඳහා fahrenheit අංශක 32ට වඩා අඩු වීමත් Samsung දුරකථන සඳහා -4°F සිට 122°F දක්වාත් නිර්දේශ කරනවා.
4. රාත්‍රි කාලයේදී බොහෝ වෙලාවක් බැටරිය charge වීමට ඉඩ හැරීම.
මෙසේ කිරීමෙන් බැටරිය overcharge වන බව ඇතැමුන් පැවසුවද එය එසේ වන්නේ නැහැ. මෙසේ සිදුවන බව සත්‍යයක් නම් සැමවිටම අප full charge කරන විට overcharge වීමක් සිදුවී බැටරිය ඉතාමත්ම ඉක්මනින් ක්‍රියා විරහිත විය යුතුයි. මොකද full charge වූ විගසම අපි charger එක unplug නොකරන නිසා. Full charge වූ පසු තවදුරටත් charge වීම නැවැත්වීමට ඔබේ smart දුරකථනයට හැකියි. ඒ නිසා මේ ගැන ඔබ බිය විය යුතු නෑ.
5. ජංගම දුරකථනය OFF කිරීම අනවශ්‍ය බව.
ඇතැම් විට ඔබේ දුරකථනයේ system uptime බැලූවිට එය පැය 100ත් ඉක්මවා තියෙන්න පුලුවන්.
ඔබේ දුරකථනයේ ආයු කාලය වැඩි කර ගැනීමට දුරකථනය on/off කිරීම අවශ්‍ය බව apple සමාගමේ විශේෂඥයන්ද පවසන කරුණක්. එයටද යම් විවේකයක් අවශ්‍ය අතර අවම වශයෙන් දිනකට වරක් හෝ restart කිරීම / අනවශ්‍ය වේලාවලදී off කර තැබීම වැදගත්. මෙයින් ඔබේ දුරකථනයේ system එක refresh වීමද සිදුවන බැවින් ඇතැම්විට සිදුවන lag වීමද අවම කරගත හැකියි.
*****වැදගත්*****
• Battery level එක 40% - 80% ත් අතරදී charge කරන්න.
• අනවශ්‍ය වේලාවල් වලදී (රාත්‍රී) දුරකථනය ක්‍රියා විරහිත කරන්න.
• නොහැකිනම් දිනකට වරක් වත් දුරකථනය restart කරන්න.
• අනුමත කරන ලද බැටරියක් හා charger එකක් පමණක් භාවිතා කරන්න.
මූලාශ්‍රය: mashable.com
No comments:
Post a Comment
COMMENTS ARE GREATLY APPRECIATED... :-)