Tuesday, December 30, 2014

XPOSED කියන්නෙ මොකක්ද?

XPOSED කියන්නෙ මොකක්ද?

Root නොකරන ලද Android උපාංගයකින් ඔබට කරගැනීමට හැකි වන්නේ සීමිත customize කිරීම් පමණයි. එනම්, විවිධ widgets, launchers, lockscreens ආදිය මගින් කල හැකි customizations පමණයි. ඔබේ දුරකථනය root කර ඇත්නම් ඉන් කළ හැකි දෑ බොහෝ ඇති බව ඔබ දන්නවා ඇති. Root කරන ලද android දුරකථනයක Custom ROM එකක් install කිරීමෙන් තොරව Stock ROM එක මගින්ම විවිධ customizations කිරීමට ඇති හොඳම ක්‍රමයක් ලෙස xposed හඳුන්වන්න පුළුවන්.
Xposed installer නම් මෙම app එක install කළ සැනින් ඔබට මෙම customizations කර ගැනීමට හැකි වන්නේ නැහැ.

App එක මෙතැනින් download කර install කරගන්න.

App එක open කර එහි Framework මගින් "install/update" කරන්න.


දැන් මෙම app එක මගින් ඔබට අවශ්‍ය customizations සඳහා අවශ්‍ය මොඩියුල (modules) download කර ගැනීමට හැකියි. ඒ සඳහා xposed installer app එකේ ඇති "download" වෙත පිවිසෙන්න.
අවශ්‍ය මොඩියුල(modules) තෝරා download කර install කරන්න.
Download කර install කරන ලද මොඩියුල(modules) සක්‍රීය කර ගැනීමට "Modules" වෙත යන්න. (Select "Modules")


*සටහන*
• මේවා ස්ථිර වෙනස් කිරීම් නොවන අතර අවශ්‍ය ඕනෑම විටෙක නැවත අක්‍රිය/ඉවත් කර ගැනීමට හැකියි.

No comments:

Post a Comment

COMMENTS ARE GREATLY APPRECIATED... :-)