Friday, January 2, 2015

Android වල භාවිතා වන display වර්ග.

Android හා වෙනත් smart දුරකථන සඳහා විවිධ ආකාරයේ තිර(screens) / ප්‍රදර්ශක(displays) ඇති බව ඔබ දන්නවා ඇති. ඒවා ගැන සරල විස්තරයක් මෙහි දැක්වේ.

මුල් කාලයේ dot-matrix තිර වලින් ඇරඹී පසුව වර්ණ තිර දක්වා දියුණු වූ මෙම තිර, පසුව සංවේදී තිර (touch screens) දක්වා වෙනස් වුණා. මෙලෙස ඇතිවූ touch screens නිසා display වල විශාල වෙනස්කම් ඉතා ඉක්මනින් එළිදැක්වුණා. මේ වන විට ඒවා flexible screens (නැවෙනසුලු තිර) දක්වා දියුණු වී තිබෙනවා.

Smart phone එකක් මිලදී ගැනීමේදී ඔබ සලකා බැලිය යුතු ප්‍රධාන කරුණක් ලෙස display හඳුන්වන්න පුළුවන්.  ඒ සඳහා ඔබට යම් තරමක හෝ ප්‍රයෝජනයක් මින් ලැබේවි යැයි සිතනවා. (බොහෝ දෙනාට මෙම display තුල ඇති layers, ක්‍රියාත්මක වන ආකාරය ආදිය වැදගත් නැහැ. ඒ නිසා එවැනි දෑ මෙහි ඇතුළත් නොවේ.)
Screen වර්ග.
TFT- (LCD)
SUPER LCD
IPS - (LCD)
Retina Display
OLED
AMOLED (Super AMOLED, Super AMOLED Plus...)

LCD (Liquid Crystal Display)

මේ LCD ගැන ඔබ දන්නවා ඇති. CRT තිර වෙනුවට පරිගණක සඳහා LCD තාක්ෂණය හඳුන්වා දුන් අතර දුරකථන සඳහාද මෙය යොදා ගැනුණා. මෙහි ක්‍රියාකාරීත්වය සඳහා backlight එකක් අවශ්‍ය වන අතර කළු වර්ණය ප්‍රතිනිර්මාණය සඳහාද මෙම backlight එක අවශ්‍ය වෙනවා.TN, TFT, IPS, S-IPS, Super LCD යන තිර වර්ග සඳහාද යොදාගනු ලැබුවේ මෙම තාක්ෂණයයි.

TFT (Thin Film Transistor)

මෙම  LCD තිර සාමාන්‍ය LCD තාක්ෂණය පදනම් කරගෙන එය වැඩිදියුණු කර නිපදවනු ලැබූ වර්ගයක්. මේවා නිර්මාණය කරන ලද්දේ හොඳින් හසුරුවනු ලැබූ pixels මගින් වඩා හොඳ වෙනසක්/විචලනයක් (contrast) ලබා දීමටයි.
මුල් LCD තිර හා සසඳන විට මෙහි image quality එක හා resolution එක වැඩිදියුණු කර තිබුණත් එහි ඇති පටු දර්ශන පරාසය (narrow viewing angles) හා හිරු එළිය හමුවේ හොඳින් දර්ශනය කිරීමට ඇති නොහැකියාව (poor visibility) මෙන්ම වැඩි බැටරි භාවිතයක් අවශ්‍ය වීම මේවායේ ඇති ප්‍රධාන ගැටලු වෙනවා. කෙසේ නමුත් මේවා නිශ්පාදනය සදහා වන අඩු පිරිවැය නිසා මේවා මිළ අඩු low-end smartphones (budget phones) සඳහා යොදාගනු ලබනවා.

IPS (In Plane Switching)

මෙය LCD තාක්ෂණය වැඩිදියුණු කර TFT තිර වලට වඩා ඉහළ තාක්ෂණයක් යොදාගනිමින් නිපදවනු ලැබූ තිර වර්ගයක්. පුළුල් දර්ශන පරාසය (wide viewing angles) මෙන්ම අඩු බැටරි බලයක් භාවිතය මෙන්ම පැහැදිලි සජීවී ආකාරයේ (pure view) දර්ශනයන්  ලබාදීම මෙහි ප්‍රධාන වාසි වෙනවා. නමුත් මෙහි ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ  කළු පැහැය (black) ඉතා නිවැරදිව ප්‍රතිනිර්මාණය කිරීමේ නොහැකියාවයි. එය කළු පැහැයට සමාන වුවත් එය අඳුරු අළු (grey) පැහැයක් ගන්නවා. කෙසේ නමුත් මේවා යොදාගන්නේ ඉහළ ගුණාත්මක බවින් යුත් (high-end) දුරකථන සඳහායි.

Retina Display

මෙයද IPS LCD වර්ගයේ තිරයක්. Apple සමාගම මගින් වැඩිදියුණු කරන ලද high resolution (640x960) IPS තිරයක් වන මෙයට Retina Display ලෙස නම යොදාගනු ලැබුවා. එම නාමය යොදාත්තේ  මෙහි ඇති pixels තනිව මිනිස් ඇසක් මගින් නිරීක්ෂණය (හඳුනාගැනීම) කළ නොහැකි නිසා. මෙයින් තියුණු (sharp) දර්ශන හා වඩා පැහැදිලි රූප නැරඹීමේ හැකියාව පවතිනවා.

Super LCD

මෙයද සාමාන්‍ය LCD තාක්ෂණය වැඩිදියුණු කරගනිමින් නිර්මාණය කරන ලද display වර්ගයක්. මේවා අඩු බැටරි බලයක් භාවිතා කිරීමත් නිවැරදිව වර්ණ ප්‍රතිනිර්මාණය කිරීමත් නිසා වැඩි වශයෙන් යොදාගැණුනා. මේ නිසා Super LCD 2 හා Super LCD 3 ලෙස තවදුරටත් වැඩිදියුණු කරන ලද මෙම වර්ගයේ තිරයන් නිශ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ලැබුවා.

OLED (Organic Light Emitting Diode) Display

LED තාක්ෂණයට අමතරව ඇති  ප්‍රධාන display නිශ්පාදන තාක්ෂණය වන්නේ OLED තාක්ෂණයයි. මෙය LCD තාක්ෂණයට වඩා බොහෝසෙයින් වෙනස් ක්‍රියාකාරීත්වයක් දක්වනවා. මෙම තාක්ෂණයේ සාර්ථකත්වය නිසාම මෙම තාක්ෂණය යොදාගනිමින් තවත් OLED මාදිලි වෙළෙඳපොළට නිකුත් කෙරුණා.

මේවා LCD මාදිලියේ display වලට වඩා සාර්ථකත්වයට පත් වුණා. ඒ එහි ඇති සුවිශේෂී වර්ණ ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව, වඩා වේගවත්ව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, පුළුල් දර්ශන පරාසය (wide viewing angle) වඩා දීප්තිමත් වීම, සැහැල්ලු, තුනී වීම, ඉතා අඩු බැටරි බලයක් යොදාගැනීම, LCD තිර වල මෙන් කළු පැහැය නියමාකාරයෙන් ලබා දීමට නොහැකි නොවීම නිසා. (LCD තිර වල මෙන් backlight panel එකක් අවශ්‍ය නොවීම නිසා කළු පැහැය නියමාකාරයෙන් ලබා දීමට මෙම වර්ගයේ display වලට හැකියි.)

AMOLED (Active-Matrix Organic Light Emitting Diode) display

මෙය  OLED තාක්ෂණය පදනම් කරගෙන නිපදවනු ලැබූවක්. නමුත් හිරුඑළිය හමුවේ නිසි පරිදි දර්ශනය නොවීම (performing poorly under direct sunlight) මෙහි ප්‍රධාන ගැටලුවක්. OLED හා AMOLED අතර සලකා බැලිය හැකි තරම් විශාල වෙනසක් නැති වුවද  එහි තනි pixels පාලනය කිරීමේ වෙනසක් පවතිනවා.

Super AMOLED display තාක්ෂණය OLED තාක්ෂණය දියුණු කර Samsung ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. Super AMOLED Plus සහ HD Super AMOLED යන තිරයන් ද Samsung ආයතනය මගින් ඉදිරිපත් කරනු ලැබූ වෙනත් AMOLED මාදිලියේ  තිරයන් වන අතර මේවායේ sub-pixels වල වෙනස්කම් පවතින බව සඳහන් වෙනවා.

Pixels කියන්නෙ මොකක්ද?

Pixel එකක් කියන්නෙ  graphic image එකක ඇති තනි ස්ථානයක්. ඉන් අදහස් වෙන්නෙ රූපයක මූලාංගයක්.



මෙම රූපයෙන් pixels ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

ppi කියන්නෙ මොකක්ද?

අඟලකට ඇති pixels ගණන. (pixels per inch). එය pixels වල ඝනත්වය මනිනු ලබන ආකාරයක්. (measurement of the pixel density.)

Screen Resolutions and names.


QVGA - 240 x 320
WQVGA - 240 x 432
HVGA - 240 x 480
nHD - 360 x 640
WVGA - 480 x 800
FWVGA - 480 x 854
qHD - 540 x 960
DVGA - 640 x 960
XGA -768 x 1024
HD -720 x 1280 (720p)
WXGA -800 x 1280
FHD -1080 x 1920 (1080p) (Full HD)

No comments:

Post a Comment

COMMENTS ARE GREATLY APPRECIATED... :-)