ඔබේ USB Teathering පහසුකම ඇති Android දුරකථනය මගින් ඔබට එය ඔබේ PC එක සමග සම්බන්ධ කර එය modem එකක් ලෙස/ dongle එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා ආකාර කිහිපයක්ම ඇති අතර ඉන් ඉතා පහසු මෙන්ම වේගවත් internet සම්බන්ධතාවක් ලබාගත හැකි ආකාරයක් මෙහි දැක්වෙනවා.
මේ සඳහා ඔබට "PdaNet+" නමැති app එක යොදාගත හැකියි. මෙය ඔබට USB cable එක PC එකට connect කිරීමෙන් හෝ bluetooth හරහා සිදු කර ගතහැකියි. මෙය ජනප්‍රිය වගේම iphone/iOS, BlackBerry, Android ආදී බොහෝ platforms සඳහා හඳුන්වා දී තිබෙනවා. වේගවත් වීම වගේම ඔබේ phone එක root කිරීමට අවශ්‍ය නොවීමද මෙහි ඇති ප්‍රධාන වාසියක්.
PdaNet+ හි free හෝ paid app එක ඔබට මේ සඳහා තෝරා ගන්න පුළුවන්. PC එක මගින් ඔබේ phone එකේ internet connection එක භාවිතා කිරීමට phone එකට හා PC එකට වෙන වෙනම මේ software install කර ගත යුතුයි.
PdaNet+ ඔබේ PC එකට හා phone එකට install කරන පියවර.
1. Android app එක phone එකට install කරන්න.
(PdaNet+ හි නවතම සංස්කරණය Google Plastore වෙතින් install කිරීමට මෙතැන click කරන්න.)
2. "PdaNet+" software එක download කර PC එකට install කරන්න (ඔබට මෙම installation file එක SD Card එකට download කර පසුව USB cable එක ඔස්සේ PC එකට phone එක connect කර ඉන් පසුව install කර ගත හැකියි).
(ඔබේ PC එකට ගැළපෙන software එක මෙතැනින් download කර ගන්න.)
මේ installation එක සඳහා පියවර කිහිපයක් ඇති අතර ඒවා අනුගමනය කර මෙම software එක install කරගන්න.
(ඔබේ Android phone එකේ USB debugging සක්‍රිය කර ගන්න. Settings > Applications > Development)
3. Phone එකේ ඇති PdaNet+ app එක open කර එහි "Enable USB Tether", තෝරන්න. පසුව USB cable එක ඔස්සේ phone එක PC එකට connect කරන්න.
4. PdaNet+ software එක connect කර taskbar එකේ ඇති PdaNet icon එක click කරන්න. එහි "Connect Internet" click කරන්න.
(Bluetooth මගින් connect කිරීමට phone එකේ install කර ඇති PdaNet+ app එකේ "Enable Bluetooth DUN" තෝරන්න.)
5. දැන් ඔබට phone එකේ internet connection එක PC එක ඔස්සේ ලබාගත හැකියි. Phone එකේ data on කර තිබීම අවශ්‍යයි.
*****සටහන*****
• PdaNet+ හි Trial period එකෙන් පසුව දිනකට ඔබට ලබාගත හැක්කේ සීමිත MB ප්‍රමාණයක් පමණි.
ela ela. Meke full eka free ganne kohomada?
ReplyDeletemeeka free full eka oni kenek innawa nm https://m.facebook.com/sithuvillak page eke msg ekak dala ahaganna.. thnx me software eka gena kivata
ReplyDelete