Thursday, December 25, 2014

Custom ROM එකක් install කරන්නෙ කොහොමද?

Custom ROM එකක් install කරන්නෙ කොහොමද?

(Custom ROM පිළිබඳව මූලික විස්තරයක් මීට පෙර Post එකකින් සඳහන් කර ඇත.)

*** මේ සඳහා device එක root කිරීම අවශ්‍ය අතර root කර නැත්නම් ඔබේ device එකට ගැලපෙන ආකාරයකින් root කරන්න.
*** bootloader unlock කරන්න. මේ සඳහා ඔබේ device එකට අදාළව google search කරන්න. ඇතැම් දුරකථන ඔබ මිලදී ගන්නාවිට unlocked තත්ත්වයේ පවතී.
*** USB Debugging Mode on කරන්න.
*** අවශ්‍ය text messages, Contacts, apps ආදිය backup කරන්න.
*** device එකේ battery level එක අවම වශයෙන් 80% කටවත් ඉහළින් තබාගන්න. මෙම progress එක අතරදී device එක off උවහොත් එය boot නොවනු ඇත.

1. Custom recovery image එකක් install කරන්න. මේ සඳහා වඩා සුදුසු වන්නේ CWM recovery එනම් ClockWorkMod ය. App එක මෙතැනින් download කර install කරගන්න. පසුව එහි උපදෙස් අනුව CWM recovery install කරන්න.
  •Stock recovery මගින් (pre-installed) මෙවැනි unofficial procedures කළ නොහැකිය.

2. සුදුසු Custom ROM එකක් (zip file) download කරන්න. (PC එක මගින් හෝ Phone එක මගින්.) මෙය අනිවාර්යයෙන්ම ඔබේ device එක සඳහාම වන ROM එකක් විය යුතු අතර වෙනත් ROM install කිරීමෙන් device එක brick විය හැකිය.

3. Gapps package එක download කරන්න (Google Apps). ROM එක පිළිබඳ විස්තර අඩංගු ස්ථානයේම මෙහි download link එකද බොහෝවිට අඩංගු වේ. නමුත් ROM file එක තුල එය අඩංගු බව සඳහන් නම් Gapps download කිරීමට අවශ්‍ය නොවේ.

3. ඔබේ device එකේ Sdcard එකට එම Zip files (Gapps, ROM) copy/move කරන්න. Folders තුලට නොදමන්න.

4. Device එක off කරන්න.

5. Boot options වෙත පිවිසෙන්න. ඒ සඳහා,
  •power + volume down හෝ වෙනත් ආකාරයක් යොදාගන්න.
  •වෙනත් ආකාර,
    ~power + vol. up
    ~power + vol. down + home
    ~power + back button + menu button
  •මින් recovery mode ලෙස screen එකක් නොලැබේ නම් ලැබෙන screen එකේ Android recovery තෝරා එය select කරන්න. (volume down = select, volume up = enter/ok)
•මෙයින් ද recovery mode වෙත නොයයි නම් vol. down හා vol. up එකවර press කරන්න.

6. Backup and restore වෙතින් backup කරන්න. (Nandroid backup) මෙයින් ඔබේ device එකේ boot loop වීමක් හෝ වෙනත් ගැටළුවක් ඇති උවහොත් එය නැවත පෙර තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇත.

7. පිළිවෙළින්, wipe data/factory reset, wipe cache partition, wipe dalvick cache යන ක්‍රියාවන් සිදු කරන්න.

8. නැවත recovery main menu වෙත පිවිසෙන්න. (Go back)

9. "Install zip from SD card" වෙතින් "choose zip from SD card" තෝරා ROM එකට අදාළ zip file එක තෝරා install(flash) කරන්න.

10. Gapps package එක සඳහා ද මෙලෙසම install කරන්න.

11. Installation process එක අවසන් වූ පසු නැවත recovery main menu වෙත ගොස් (go back), "reboot system now" select කර ok/yes කරන්න.

*පළමු boot වීමට වැඩි වේලාවක් ගත වේ.

*****වැදගත්*****
  • මෙයින් සිදුවිය හැකි boot loop / brick වීම් වලට වගකීමක් මේ blog එක විසින් දරනු නොලැබේ.

No comments:

Post a Comment

COMMENTS ARE GREATLY APPRECIATED... :-)