Tuesday, December 23, 2014

Pattern/Pin/Password lock වූ පසු දුරකථනය unlock කරන්නේ කෙසේද?

Pattern/Pin/Password lock වූ පසු දුරකථනය unlock කරන්නේ කෙසේද?

මේ සඳහා ක්‍රම කිහිපයක් පවතිනවා. ඉන් තුනක් මේ post එකෙන් ඉදිරිපත් කරන්නම්.

1. Gmail ලිපිනය හා password එක ලබාදීමෙන්.

2. Factory reset කිරීම මගින්.

3. පරිගණකය (PC එක) මගින්.

1. මෙහිදී ඔබේ දුරකථනයේ Data on කර තිබීම අවශ්‍ය අතර gmail address හා Password එක ලබාදීමෙන් පසු ලැබෙන උපදෙස් පිළිපැදීමෙන් unlock කරගත හැකියි. නමුත් බොහෝ විට data off කර තැබීම මගින් මෙම ක්‍රමය එතරම්ම සාර්ථක වන්නේ නෑ.

2. බොහෝවිට ඔබේ දුරකථනය unlock කරගැනීමට පහසුම ආකාරය මෙය උවත් මෙහිදී ඔබ install කර ඇති apps හා ඒවායේ data ඉවත් වීම සිදුවනවා. නමුත් photos, music, videos ආදී files ඉවත් වන්නේ නෑ. Preinstalled apps ද ඉවත් නොවේ.
පියවර:
• phone එක off කරන්න.
• sd card එක ඉවත් කරන්න.
• power button සහ volume down button එක එකවර ඔබාගෙන (press and hold) ඉන්න.
මෙයින් වෙනසක් නොවේනම් වෙනත් ආකාරයක් උත්සාහ කරන්න. එනම්,
  *power + volume up + home
  *power + back button + menu
  *power + volume up
  *power + volume up + volume down
  *power + home

• දැන් volume down button එක මගින් android recovery ලෙස ඇති option එක ලබා ගන්න.
• volume up button එක මගින් එය (android recovery) ok/enter කරන්න.
• දැන් recovery mode ලෙස දක්වා ඇති screen එකක් ලැබේවි. (Motorola සහ තවත් ඇතැම් වර්ග සඳහා recovery mode වෙත යෑමට vol.up + vol.down එකවර press කිරීමක් අවශ්‍ය විය හැකියි.) ඉන් volume up/down buttons මගින් wipe data/ factory reset යන option එක තෝරා power button එක මගින් එය select කරන්න (Home button එක මගින් ඇතැම් දුරකථනවල select කල හැකියි).
• දැන් ලැබෙන screen එකේ yes තෝරා power button එක මගින් ok කරන්න.
• නැවතත් කලින් ලෙසම ලැබෙන screen එකේ reboot now තෝරා ok කරන්න.

3. ඔබේ PC එක මගින් phone එක reset කිරීමෙන් තොරව unlock කරන අයුරු.
මේ සඳහා download කිරීමට අවශ්‍ය දෑ.
  *Android multi tools
  *Universal ADB drivers
• tools unpack කර adb drivers install කරන්න.
• phone එක on කර usb cable එක මගින් pc එකට connect කරන්න.
• phone එක connect වී ඇති බව check කිරීමට 1 press කරන්න.
• pin/facelock/password එකක් නම් 2 ද pattern lock එකක්නම් 3 ද press කරන්න.
• දැන් phone එක restart වනු ඇති.
• restart වූ පසුද pattern එක අවශ්‍ය බව දිස් වූවත් ගැටලුවක් නැහැ. කැමති pattern එකක් මගින් unlock කරන්න.

*****වැදගත්*****
• මෙහි 3 වන ක්‍රමය පමණක් උපුටා ගැනීමක් වන අතර අත් හදා බැලීමක් නොකර post කරනු ලැබූවකි. උපුටා ගැනීම: xda.developers.com
• recovery mode වෙන යන පියවර phone model එක අනුව වෙනස් විය හැකියි.
• අන් අය සතු දුරකථනයක් නම් ඔවුන්ගේ දැනුවත් වීමකින් තොරව මෙම ආකාරයට unlock කිරීම නොකරන්න. (ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු වලට බල පෑ හැකි බැවින්.)

No comments:

Post a Comment

COMMENTS ARE GREATLY APPRECIATED... :-)