Wednesday, December 24, 2014

මොකක්ද මේ ROOT කියන්නෙ?

(Android phones සම්බන්ධ root කිරීම ගැන මූලික අදහසක් හා එහි වාසි අවාසි ගැන මෙම post එක මගින් දැක්වේ.)

මොකක්ද මේ root කියන්නෙ?

සරලවම කියනවානම් ඔබ ඔබේ පරිගණකය භාවිතා කරනව්ට Administrator හා Guest ලෙස Accounts ආකාර 2ක් ඇති බව ඔබ දන්නවා. Linux based operating system එකක් වන Android වලත් මේ ආකාරයට Administrator සහ Guest ලෙස භාවිතා කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඔබ දුරකථනයක් මිල දී ගන්නාවිට එය පවතින්නේ Guest කෙනෙකු ආකාරයට භාවිතා කිරීමටයි. එය දුරකථනයේ ආරක්ෂාව සඳහා වැදගත්. මොකද ඔබට system files වෙනස් කිරීමට / delete කිරීමට නොහැකි නිසා. Root කිරීම මගින් සිදුවන්නේ ඔබට ඔබේ Android දුරකථනයේ Administrator privilege ලබා ගැනීමට හැකි වීමයි.

How to root? (Root කරන්නේ කෙසේද?)

ආකාර කිහිපයක් තියෙනවා. මෙය ඔබේ PC එක මගින් හෝ phone එක මගින්ම (Rooting tool/App එකක් හෝ terminal emulator/Superuser) කරගන්නත් පුළුවන්.
Root කරන ආකාරය phone model එක අනුව වෙනස් වෙනවා.

Root කිරීමෙන් ලැබෙන වාසි සහ අවාසි කිහිපයක් කෙටියෙන් දක්වන්නම්.

Root කිරීමේ වාසි. (Advantages of rooting.)
• Root permissions අවශ්‍ය Apps ක්‍රියා කරවීමට.
• Preinstalled apps ඉවත් කිරීමට. (එනම් මිලදී ගැනීමේදී phone එකට install කර පැමිණෙන ඔබට අනවශ්‍ය apps ඉවත් කිරීමට.)
• System files වෙනස් කිරීමට / ඉවත් කිරීමට.
• Android games Hack කිරීමට. (Get free coins/gold)
• xposed modules මගින් phone එක customize කිරීමට.
• Custom ROMs install කිරීමට (CyanogenMod/AOKP/MIUI/Slim ICS/LSRs...)
  *Custom ROMs install කිරීමට ඇතැම් models සඳහා bootloader unlock කිරීමටද අවශ්‍ය වේ.

Root කිරීමේ අවාසි. (Disadvantages of rooting.)
• මෙයින් ඔබේ phone එකේ warranty (වගකීම) අවලංගු වේ.
• ඇතැම්විට System files delete වුවහොත් phone එක boot නොවීමට ඉඩ ඇත. එසේ උවහොත් reset කිරීමද විසඳුමක් නොවිය හැකි අතර Stock ROM එක නැවත flash කිරීමට සිදුවනු ඇත.

*****වැදගත්*****
  •Root කිරීමෙන් පමණක් ඔබේ phone එකේ speed එක වැඩි නොවේ. (Apps auto start වීම වළක්වා RAM එකේ Free space එක ඉතිරි කර ගැනීමට හැකියි. එයින් phone එක lag වීම බොහෝ දුරට අඩු වේ. RAM එක වැඩි කර ගැනීමට නම් RAM Expander වැනි App එකක් යොදාගත යුතුය.)

3 comments:

  1. useful post. thanks

    ReplyDelete
  2. Sands Casino: Welcome Bonus, Slots, & Games | Shootercasino
    With over 20 years of experience 샌즈카지노 in 바카라사이트 gaming, we are sure to have one of the best gaming sites in the industry. We've got you covered with the latest 온라인카지노 games

    ReplyDelete

COMMENTS ARE GREATLY APPRECIATED... :-)