Wednesday, December 31, 2014

Phone එක රත් වෙන්නෙ ඇයි?

මේකට බලපාන්නෙ CPU (Central Processing Unit) එක සහ බැටරිය. දුරකථනය charge කරන විට එය රත් වන බව ඔබ දන්නවා. හේතුව Li-ion බැටරි සාමාන්‍යයෙන් තාපය ජනනය කරන නිසා.

එයිනුත් Phone එක රත් වීමට ප්‍රධානවම බලපාන්නෙ CPU එක. මොකද බැටරිය රත් වීමට බලපාන්නෙත් (charge කරනවිට හැර) මේ CPU එකේ ක්‍රියාකාරීත්වය. සමහර apps මගින් CPU එක එම apps සඳහා බොහෝ වේලාවක් භාවිතා කිරීමට පොළඹවනවා. එමෙන්ම වැඩි CPU usage එකක් (භාවිතයක්) යොදාගන්නා apps පවතිනවා. CPU එක රත් වීමට බොහෝවිට හේතු වන්නේ මෙයයි.

නමුත්, සංකීර්ණ apps ඔබ භාවිතා කරනවිට, video clips නරඹන විට මෙන්ම ඉහතින් සඳහන් කළ පරිදි charge කරනවිට සිදුවන රත් වීම සාමාන්‍ය දෙයක්. එය ඕනෑම දුරකථනයක සිදුවනවා. එවැනි අවස්ථාවලදී සිසිල්, වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තැබීමෙන් ඉක්මනින් සිසිල් කර ගැනීමට හැකියි.

ඔබට අනවශ්‍ය apps බොහෝවිට ඔබ ස්ථාපනය කර තිබෙන්න පුළුවන්. එවැනි apps ඉවත් කර CPU භාවිතය (usage) අඩු කරගන්න. තවද, ඔබ කලාතුරකින් භාවිතා කරන apps තිබේ නම්, ඒවා ඉබේ ක්‍රියාත්මක වීම (auto start) නැවැත්වීමට ඔබට හැකියි. මේ සඳහා Clean Master හෝ එවැනි app එකක් භාවිතා කළ හැකියි. නමුත් ඇතැම්විට මේ සඳහා දුරකථනය root කිරීමට අවශ්‍ය විය හැකියි.

"Cooler Master" කියන්නෙත් මේ සඳහාම නිර්මාණය කරන ලද app එකක්.

★මෙවැනි apps මගින් සිදුවන්නේ කුමක්ද?

මේවා නිර්මාණය කර ඇත්තේ CPU usage (භාවිතය) වැඩි apps සොයාගැනීමට හා ඉන් අපට අනවශ්‍ය ඒවා ඉවත් කිරීමටයි.

CPU උෂ්ණත්වය කාලය සමග විචලනය වීම,  ක්‍රියාශීලී, අනවශ්‍ය තරම් CPU භාවිතා කරන (overuse) apps හඳුනාගැනීම, එම apps ක්‍රියාත්මක වීම නැවැත්වීම, ආදිය මගින් CPU උෂ්ණත්වය වැඩිවීම වැළැක්වීම මෙවැනි app එකක් භාවිතා කිරීමෙන් ලබාගන්න පුළුවන්.

Google Plastore වෙතින් මෙම  "Cooler Master" app එකේ නවතම සංස්කරණය install කර ගැනීමට මෙතැන click කරන්න.

*****සටහන*****
  • මෙවැනි apps කිහිපයක්ම Google Playstore හි ඇත. ඉන් ඔබට සුදුසු app එකක් තෝරාගන්න.

No comments:

Post a Comment

COMMENTS ARE GREATLY APPRECIATED... :-)